Surprise Me!

අ'යන්න කියන්න | Music Mervin Perera | Tribute Cover By Nirmalee Perera Makalande

2025-10-03 10 Dailymotion

අයන්න කියන්න ලොවටම ඇහෙන්න
එන්න මගේ මල්ලී
දුවන්න පනින්න නටන්න ගයන්න
එන්න මගේ නංගී
එන්න මගේ නංගී

පාසල නම් රන් දෙවොලේ
දෙවියන් වන් ගුරු කැළගේ
සිත දිනමින් පා හෙවණේ
ශිල්ප ලබා මතු දවසේ
ලෝකය දකින්න එහි සැරිසරන්න
එන්න මගේ මල්ලී
එන්න මගේ නංගී

කාසි පනම් හිටි හැටියේ
සතුරෝ ගෙන යති රහසේ
පොතින් පතින් ලද දැණුමේ
ධනය සදාකල් සුරැකේ
ඥානය වඩන්න කාලය ගෙවන්න
එන්න මගේ මල්ලී
එන්න මගේ නංගී

අයන්න කියන්න ලොවටම ඇහෙන්න
එන්න මගේ මල්ලී
දුවන්න පනින්න නටන්න ගයන්න
එන්න මගේ නංගී
එන්න මගේ නංගී
අයන්න කියන්න ලොවටම ඇහෙන්න
එන්න මගේ මල්ලී
දුවන්න පනින්න නටන්න ගයන්න
එන්න මගේ නංගී
එන්න මගේ නංගී
එන්න මගේ මල්ලී
එන්න මගේ නංගී
එන්න මගේ මල්ලී
එන්න මගේ නංගී

Music Mervin Perera
Lyrics Sunil Ariyaratne